gossip lanka

බ්‍රහස්පතින්දා රට පුරා වෛද්‍ය වර්ජනයක්‌ !

ලබන බ්‍රහස්‌පතින්දා (17)  රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක්‌ දින වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන සිංගප්පූරු ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට
එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසිය.

සැබෑ ජාතික ප්‍රතිපත්තියක්‌ බිහිකරන තුරු මෙවන් අත්තනෝමතික ක්‍රියාමාර්ගවලින් වැලකී සිටින බවට බලධාරීන්ගෙන් සහතිකයක්‌ නොලැබුනොත් මෙම වැඩවර්ජනය අඛණ්‌ඩව පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

 එමෙන්ම සයිටම් අර්බුදයට විසඳුමක්‌ ලෙස කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයට අදාළ නව පනතක්‌ ගෙන ඒමේ අවශ්‍යතාවක්‌ නැතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා අවධාරණය කර ඇතැයිද ඒ අනුව නව පනත වහා අත්හිටුවන ලෙස තම සංගමය ඉල්ලා සිටි බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

gossip lanka