gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක් දින කිරුළක් වෙනුවෙන් කි‍්‍රකට් තරු අද සිට සටනේ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අද  (02) ආරම්භ වනවා. කණ්ඩායම් 4ක් තරග වදින මෙම තරගාවලියේ සියලූ තරග කොළඹ ආර් පේ‍්‍රමදාස, පී සරා  ඕවල් සහ සීසීසී කී‍්‍රඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි. කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් මෙහිදී තරග වදිනවා.

අද (02) දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර එක් තරගයක් පැවැත්වෙන්නේ දිනේෂ්
චන්දිමාල් නායකත්වය දරන කොළඹ කණ්ඩායම සහ කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන දඹුල්ල කණ්ඩායම අතරයි. එම තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

අනෙක් තරගය කොළඹ පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන්නේ උපුල් තරංග නායකත්වය දරන ගාල්ල කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන මහනුවර කණ්ඩායම අතරයි.

මෙම තරග උදෑසන 10ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සියලූ තරග කී‍්‍රඩා ලෝලින්ට නොමිලයේ නැරඹිය හැකි බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

අවසන් මහ තරගය මැයි මස 20 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka