gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරාබියකුගේ වෙස්‌ගෙන ජනපති සිටි භූමියට පැමිණි පුද්ගලයා රිමාන්ඩ්

අරාබි ජාතිකයකු ලෙස වෙස්‌ වළාගෙන කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ පසුගිය 28 දා පැවැති රාජ්‍ය වෙසක්‌ උත්සවයට පැමිණ සිටි සැක කටයුතු පුද්ගලයකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 3 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

 මානසික රෝගියකු ලෙස හැඟවීමට තැත් කරන
මොහු අවුරුදු 57 ක්‌ පමණ වයසැති අයකු බව බිංගිරිය පොලිසිය කියයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පස්‌වරුවේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ රාජ්‍ය වෙසක්‌ උත්සවය පැවැති භූමියට ඇතුළු වීමට උත්සහ කරමින් සිටියදී ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර සිය භාරයට ගෙන බිංගිරිය පොලිසියට භාරදී ඇත.

- දිවයින

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka