gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකිකයෝ 6500 ක්‌ කුවේටයෙන් පිටුවහල් !

නීති වීරෝධී ලෙස කුවේට්‌ රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 6750 ක්‌ පසුගිය ඉරිදායින් (22 දා) අවසන්වූ මාස තුන තුළදී ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

වීසා නොමැතිව කුවේට්‌ රාජ්‍යය තුළ නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයනට යළි මෙරටට පැමිණීම සඳහා කුවේට්‌ රජය විසින් මාස තුනක පොදු සමා කාලයක්‌ ලබාදී තිබිණි. මෙම පොදු සමා කාලය පළමුව ජනවාරි 29 සිට පෙබරවාරි 22 දක්‌වා ක්‍රියාත්මක කෙරිණි. එහෙත් කුවේට්‌ බලධාරීන් සහ එරට ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර දීර්ඝ ලෙස පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම සමා කාලය අප්‍රේල් 22 දක්‌වා තවත් මාස දෙකක කාලයකට දීර්ඝ කෙරිණි.

 මෙම පොදු සමා කාලය තුළ එරට නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 6750 දෙනා යළි මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය රාජකාරි කටයුතු තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් දිවා රෑ වෙහෙස නොබලා ක්‍රියාවට නැංවූ බව එම තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

 කුවේට්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව නීති විරෝධීව එරට විසූ ශ්‍රී ලාංකිකයන් 6750 ක්‌ යළි මෙරටට එවා ඇති අතර තවත් පිරිසක්‌ පොදු සමාව යටතේ එරට විසීම සඳහා වලංගු වීසා ලබාගෙන ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

-දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka