gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

STF සමඟ වෙඩි හුවමාරුවකින් පසු රටම කතාකල පාතාල කල්ලි ප්‍රභලයෙක් මරුට !

ප්‍රභල පාතාල කල්ලි නායකයෙකු වූ ඩී මංජුගේ මිය යාමෙන් පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය ඔහුගේ සමීපතම පාතාල සගයා වූ දිලිප් රෝහණ රොද්‍රිගෝ හෙවත් දිලීප නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකායේ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

මෙම  පුද්ගලයා තලාතුඔය මයිලපිටිය, ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ඊයේ (05) පස්වරුවේ එම නිවස වැටලු අවස්ථාවේදී  සැකකරු සහ  පොලිස් විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදු වී තිබෙනවා.

එම අවස්ථාවේදී ආරක්ෂාව සඳහා පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින්  තුවාල ලැබූ ඔහු මහනුවර රෝහලට ඇතුලත් කල පසු මිය ගොස් තිබෙනවා.

2014 වසරේ දී කැලණිය ටයර් හංදිය ප්‍රදේශයේදි සමෙල් සඳරුවන් නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් ද මියගිය පුද්ගලයා පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බව සඳහන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka