gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 -  2018 දක්වා) රුසියානු
සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කළේය.

ඒ මහතාගේ ධූර කාලය තුළ දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා පුළුල් ලෙස වර්ධනය විය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ ශ්‍රී ලංකා ජනාධිපති වරයකු රුසියාවේ නිල සංචාරයක යෙදීමේ කටයුතු සංවිධානය කිරීම මෙන් ම දෙරට අතර ඇති වූ තේ අර්බුදය මෙරටට වාසි සහගත වන ආකාරයෙන් විසඳා ගැනීමට ද වෛද්‍ය සමන් වීරසිංහ මහතා විශාල වැඩ කොටසක් සිදුකරනු ලැබිණි.

රුසියානු ජනාධිපතිවරයා ගේ නිර්දේශය මත විදේශිකයෙකුට ප්‍රදානය කරනු ලබන ඉහළ ම සම්මානය වන රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ එක ම ශ්‍රී ලාංකිකකයා ද වනුයේ සමන් මහතාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka