gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනධ්‍යයන වර්ජනෙන් පසු පළිගැනීම් වැඩිවෙලා

පසුගියදා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් පසුව වර්ජනයේ නියැළුණු වෘත්තීය සමිති නායකයන් ඇතුළු අනධ්‍යයන සේවකයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලියක් ඇතැම් උසස් අධ්‍යාපන ආයතන ඇතුළත ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි.

ඒ අනුව රුහුණ විශ්වවිද්‍යාලයේත්, සබරගමු
විශ්වවිද්‍යාලයේත් සිය සාමාජිකයන් කිහිපදෙනකු හට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවටද නැඟෙනහිර විශ්වවිද්‍යාලය එම සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ප්‍රමාද කර දුන් බවටද හෙතෙම චෝදනා නැඟීය.

වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි පළිගැනීම් දිගින් දිගටම සිදුවන්නේ නම් ඒ පිළිබඳ සිය කමිටුව දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු කියා සිටී.

වර්ජනය නිමා වී උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු කටයුතු යථා තත්ත්වයට පත්වෙද්දී යළි ගැටලු ඇති වන ආකාරයට පාලනාධිකාරිය ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණක් බවද හෙතෙම පැවැසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka