gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙළපොත් හිඟයක් ඇතිවීමේ අවදානමක් !

මේ වසර සඳහා සමස්ත පෙළපොත් අවශ්‍යතාවය 41,189,027 ක් ව තිබියදී පෙළපොත් 28,210,600 ක් පමණක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීමෙන් බරපතල පෙළපොත් හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.

මුද්‍රණය කර ඇති පෙළපොත් ප්‍රමාණය තුළ ගුරුවරුන්ට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව ඇතුළත් නොවීම හා ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතුවලට අවශ්‍ය පෙළපොත් ලබා නොදීම තුළ ගුරුවරු
බරපතල පීඩාවකට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මුද්‍රණය කළ පෙළ පොත් 28,210,600 තුළ 1-4 ශ්‍රේණි සඳහා අවශ්‍ය පොත් 8,802,100 ක් හා 9 ශ්‍රේණිය සඳහා අවශ්‍ය පොත් 6,432,000 ක්, වැඩපොත් 2,630,000අනිවාර්යයෙන් මුද්‍රණය කළ යුතු වුවත්  එවැනි තත්වයක සත්‍ය වශයෙන්ම මුද්‍රණය කර ඇත්තේ සමස්ත පෙළපොත් අවශ්‍යතාවයෙන් කුඩා ප්‍රමාණයක් බව පැහැදිලි වන බව ගුරු සංගම් ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

“පෙළපොත් මුද්‍රණය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 4385 ක මුදලක් වෙන් කර තිබියදී පෙළපොත් නැවත භාවිතය ගැන සඳහන් කරමින් අඩු පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබීම ගැටලුවකි,” යි ජෝසප් ස්ටාලින් එම නිවේදනය මගින් කියා සිටියි.

ටෙන්ඩර් කැඳවා තිබීම විහිලුවක්:

පවතින තත්වය අනුව 2018 වසරට අදාළ පෙළපොත් මුද්‍රණය සඳහා දෙවැනි වරට 2018 වසරේ  ජනවාරි මස පුවත්පත් මගින් ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවා තිබීම විහිලුවක් බව සදහන් කරන ඔහු  මේ වන විට දෙවන පාසල් වාරයද ආරම්භ වී තිබුණ ද පාසල් දරුවන්ගේ පෙළපොත් ගැටලුවට විසඳුම් ලබා දී නැති බවට චෝදනා කරයි.

“පාසල් ළමුන්ට අවශ්‍ය පෙළපොත් විධිමත්ව ලබා නොදීම හා නැවත භාවිතය යයි සඳහන් කරමින් අබලි පොත් ලබාදීමෙන් දෙමාපියන්ට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වල පෙළපොත් මිල දී ගැනීමට පෝලිම්වල සිටීමට සිදුවිය. එම තත්වයට වගකිව යුතු නිලධාරීන්වම නැවත ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේනතුවේ කටයුතුවලට යොදවා පෙළපොත්  ගැටලුව දිගින් දිගටම පැවතීමට ඉඩහැර ඇත.” ලංකා ගුරු සංගමයේ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

“මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ පාසල් දරුවන්ගේ පෙළපොත කප්පාදු කොට පෙළපොත් මුදල විකිණීමේ වුවමනාව ඉටු කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය කරමින් පවතින බවයි.”

මේ තත්වය තුළ පාසල් දරුවන්ට අවශ්‍ය පෙළපොත් නියමිත වේලාවට නිසි පරිදි නොමිලේ ලබාදීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් මෙන්ම රජයෙන් ද ඉල්ලා සිටී.

(radiogagana)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka