gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාගේ මරණයට හේතුව හෙළිවෙයි

ස්වසන අපහසුතාවකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා සහ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අනෙක් රග්බි ක්‍රීඩකයා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

මොහු ඇතුළු 22 කගෙන් යුත් බ්‍රිතාන්‍යයේ Clems Pirates Rugby රග්බි කණ්ඩායම පසුගිය 10 වනදා මෙරටට පැමිණ තිබුණේ කොළඹ ප්‍රධාන පෙළේ
ක්‍රීඩා සමාජයක් විසින් සංවිධාන කළ සුහද රග්බි තරගාවලියක් සඳහා සහභාගිවීමටය.

පෙරේදා එහි තරගයකට සහභාගිවීමෙන් පසු අදාළ ක්‍රීඩා සමාජ සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකටද මොවුන් එක්ව තිබේ.

ඉන් අනතුරුව අදාළ ක්‍රීඩකයින් දෙදෙනා කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවකට ගොස් එහිදී අධික ලෙස මත්පැන් පානය කර නැවත ඔවුන් ලැගුම් ගෙන සිටි කොළඹ - කොටුව ප්‍රදේශයේ ලැගුම්හල වෙත පැමිණ ඇත.

ඊයේ අළුයම මෙම ක්‍රීඩකයින් දෙදෙනාට ස්වසන අපහසුතාවක් හටගෙන ඇති අතර, පසුව හෝටල් කළමනාකාරිත්වය විසින් ක්‍රීඩකයින් දෙදෙනා ඇතුළත් කරනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලකටයි.

එහිදී 26 හැවිරිදි රග්බි ක්‍රීඩකයා මියගොස් ඇති අතර, 27 වන වියේ පසුවන ක්‍රීඩකයාගේ තත්ත්වය අසාධ්‍ය බවයි පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මොවුන් භාවිත කර ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණ වී නැත.

මියගිය ක්‍රීඩකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය උතුරු අයර්ලන්තයේ සිටින ඔහුගේ ඥාතීන් මෙරටට පැමිණි පසු සිදුකිරීමට නියමිත බව කොටුව පොලිසිය කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka