gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ සොහොන් අමිත් යළිත් රිමාන්ඩ්

මහනුවර දිගන ප්‍රදේශයේ හටගත් කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ ප්‍රදේශීයසභා මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් 35 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් අද(14) තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
නියෝග කර ඇති බව සඳහන්ය.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනෙකු මාර්තු මස 08 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරය වෙතත් සෙසු සියලූ දෙනා රදවා සිටින ස්ථාන වෙත යළි රැගෙන යන ලෙස මහේස්ත්‍රාත් එමි එචි ෆරික්ඩින් මහතා නියෝග කර තිබේ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka