gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට ආව බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයා මියයයි

පසුගියදා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමේ  ක්‍රීඩකයෙකු හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර, ඔවුන් සමඟ පැමිණි තවත් ක්‍රීඩකයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට කොළඹ
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මියගිය රග්බි ක්‍රීඩකයාගේ වයස අවුරුදු 26 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටී.

පසුගිය 10 වැනිදා ක්‍රීඩකයන් 22 කුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන් පසුගිය 12 වැනිදා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සුහද රග්බි තරගාවලියකට සහභාගිවී එහිම පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක්ව තිබේ.

පසුව ඔවුන් නැවතී සිටි සංචාරක හෝටලයට පැමිණ නැවත කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවකට ගොස් විනෝද වී ඇති අතර ඊයේ(13 දා) අලුයම මෙම ක්‍රීඩකයන් දෙදෙනා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් රෝහල් ගත කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka