gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතරගම පූජා වට්ටියට බැතිමතුන් මස් තියයි

කතරගම පුදබිමට සිදුකරන අගෞරවයන් දිනෙන් දින වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක පවසයි.

පසුගිය දිනවල කතරගම දේවාල භූමියට ආසන්නයේ පිහිටි කඩවර දේවාලයේ සඟවා තිබියදී සොයා ගත් දඩ මස්‌ සිද්ධිය මුල් කර ගෙන ඇතැම් පිරිස්‌ මෙය
සිදුකරන බව ඒ මහතා කියා   සිටියේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ  ප්‍රධාන කපු මහතා,

"කඩවර දේවාලය යනු මෑතක ඉදිකළ දේවාලයක්‌. මෙම දේවාලයේ දෙවියන්ට පුද පූජාවන් තැබීමට නියම කර ඇත්තේ පලතුරු හා රසකැවිලි. මෙහි එනු ලබන ආරූඩයන් ඇති ඉතා සුළු පිරිසක්‌ පිලි ජාති, මස්‌ මාංශ දෙවියන්ට තැබීම නිසා අදාළ කපු මහතාද ඒ සඳහා ඉඩ දී තිබෙනවා. මෙයට පෙර බිත්තර වැනි දේවල් පූජාවට තබා අසුවීම නිසා කඩවර දේවාලයේ කපු මහතාට අවවාද කර නැවත මස්‌ මාංශ නොතබන ලෙස අවවාද කර තිබුණා".

"එහෙත් එම අවවාද නොසලකා හරිමින් ක්‍රියාකළ , පසුගියදා මුව මස්‌ ළඟ තබා ගෙන අධිකරණයෙන් දඩ ගැසූ කපු මහතාගේ පුතාගේ වැඩ මේ වනවිට තහනම් කර තිබෙනවා. මෙම ක්‍රියාව මෙම පුද්ගලයා කර ඇත්තේ අෂ්ටඵල බෝධිය සහ කතරගම දේවාලය ආසන්නයේදී නිසා කතරගම දෙවියන්ට ගෞරවය දක්‌වන බැතිමතුන් නිතර මේ සම්බන්ධව මගෙන් විමසනවා".

"කඩවර දෙවියන්ට පූජාවන් තබන බැතිමතුන් මින් මතුවට පූජාවන් තබන විටදී පලතුරු 07 කැවිලි ඇතුළු ද්‍රව්‍ය පූජාවට රැගෙන එන ලෙස දන්වනවා. සිගරට්‌, අරක්‌කු, ගංජා, අබිං, මස්‌, මාළු, කරවල පූජා භූමියට රැගෙන නොයන ලෙස කඩවර දෙවියන් පුදන බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා "යැයිද සොමීපාල ටී. රත්නායක කපු මහතා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka