gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ නියෝගය ලබාදී ඇති බව ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණි.

අද දින ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව
නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා උපදේශකයින් සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට පොහොසත් වීම අදාළ ඉවත් කිරීමට ආසන්නතම හේතුව බව සඳහන්ය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රීයා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්වූ අපහසුතාවයන් සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka