gossip lanka

එන වසරේ IPL ලංකාවේ !

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ලබන වසරේදී පැවැත්වෙන ඉන්දීය මැතිවරණය හේතුවෙන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය එරට දී පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් මතුවීම නිසා මේ යෝජනාව ඉදිරිපත්ව ඇති බවද පැවසේ.

මේ හේතුවෙන් තරගාවලියේ තරග රැසක් ශ්‍රී ලංකාවේ
දී පැවැත්වීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සමගින් තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්ත පළ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ සත්කාරකත්වය ලබා දෙන්නේ කුමන රටට දැයි තවමත් තීරණයක් ගෙන නොමැති බවත්, කෙසේවුවද, ශ්‍රී ලංකාවට තරගාවලියේ සත්කාරකත්වය හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවයි.


gossip lanka