gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා 6 ක ඡන්දය නොවැම්බරයේ - මහින්ද දේශප්‍රිය.

පළාත් සභා 6ක මැතිවරණය සැප්තැම්බර් මාසයේ කැඳවා නොවැම්බර් මස මුල සතියේ පැවැත්වීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළ විට ඒ මහතා පවසා සිටියේ මේ වසරේ අග ඡන්දය පැවැත්වීම සඳහා සූදානම් වන ලෙසට සියලු පක්ෂවලට දන්වා ඉල්ලීමක් කර ඇති බවය.

කෙසේ වෙතත් බොහොමයක් පක්ෂ රජයෙන් ඉල්ලා ඇත්තේ සියලුම පළාත් සභා මැතිවරණ එකවර පවත්වන ලෙසටය. එහෙත් තවමත් ඊට එකඟතාවය පළ වී නැත.දැනට සබරගමුව, නැගෙනහිර සහ උතුරු
මැද යන පළාත් සභා කාලය අවසන්ව ඇත. එසේම එළැඹෙන සැප්තැම්බරයේ මැද වනවිට වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභාවල ධුර කාලය නිමවීමට නියමිතව ඇත. ඒ අනුව එකී පළාත් සභා 6 හි මැතිවරණය සැප්තැම්බර් අවසානයේ කැඳවා නොවැම්බර් මුල පැවැත්වීමට තීරණය වී ඇතැයි සඳහන් වේ.

සියලු පක්ෂ මැතිවරණය සඳහා මේ වනවිට එකඟ වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka