gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙහිවල සත්වෝද්‍යානයට ඇමති ෆයිසර් අනතුරු අඟවයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් සභා පළාත් පාලන සහ ක්‍රිඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ජනතාවගේ සෞඛ්‍යට අහිතකර වන අයුරින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.

අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස්
වෙතයි. දෙහිවල සත්වෝද්‍යානයේ අපද්‍රව්‍ය  බැහැර කිරීමේදී ඒවා කාණු හරහා ගලායන බැවින් සත්වෝද්‍යානයේ අවට සිටින ජනතාව සෞඛ්‍ය තර්ජනයකට ලක්ව ඇති බවට නාගරික මන්ත්‍රිවරයෙකු ඊයේ (14) පැවති දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට චෝදනා කර තිබෙනවා.

සති දෙකක් ඇතුලත අදාළ ගැටලුව විසදීමට පියවර නොගතහොත් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

නෛතික රාමුවට පිටතින් අපද්‍රව්‍ය බැහැර කරන ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka