gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

සේරුවාවිල ප්‍රදේශයේ ජනතාවගේ දරුවන් පාසල් යෑවීම සඳහා දිනපතාම වෙලාවට පැමිණෙන ලංගම බස්‌ රථය ඊයේ (8 දා) උදෑසන නියමිත වේලාවට නොපැමිණීම නිසා කුපිත වූ දෙමාපියන් පිරිසක්‌ මේ පිළිබඳව සේරුනුවර පොලිසියට ගොස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. මගලේගොඩ මහතාට පැමිණිලි කර ඇත.

 එම මොහොතේම ක්‍රියාත්මක වූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා බසය අයත් මුතූර් ඩිපෝවට කථාකර විමසා ඇති අතර ඔවුන් දන්වා ඇත්තේ බස්‌ සියල්ල මැයි රැලියට යැම නිසා ඊයේ බස්‌ රථය
එවීමට නොහැකි වී ඇති බවයි.

 මේ ගැන දෙමාපියන්ට දන්වා දෙමාපියන් සන්සුන් කළ ස්‌ථානාධිපතිවරයා දරුවන් කන්තලේට ගෙන ඒම සඳහා පොලිස්‌ රථ වාහන ලබා දීමට කන්තලේ කෝට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී අජිත් හේසිරි මහතාගෙන් විමසා ඇති අතර පොලිස්‌ අධිකාරිවරයා ඊට අවසරයද ලබා දී ඇත. ඒත් ඒ වනවිට වේලාව ඉක්‌මවා ගොස්‌ තිබූ බැවින් දෙමාපියෝ තම දරුවන් ද සමඟ නිවෙස්‌ කරා ගියහ.

 සේරුනුවර කන්තලේ යා කරන මහවැලි පාලම මේ වනවිට අලුත් වැඩියා කෙරෙන හෙයින් සේරුනුවර සිට කන්තලේ බලා යන බස්‌ රථ පාලම ළඟට පමණක්‌ ළඟා වෙයි. එතැනින් පා ගමනින් අනෙක්‌ පසට ගොස්‌ කන්තලේ සිට පාලම ළඟට පැමිණෙන බස්‌ රථයක නැගී යැමට මගීන්ට සිදු වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka