gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොදෙව් ටෙස්ට් සටනට 21 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් කි‍්‍රඩකයින් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා. අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියේදී දස්කම් දැක්වූ නවක වේග පන්දුයවන්නන් වන කසුන් රාජිත සහ නිසල තාරක ද ඊට ඇතුළත්. ආබාධයට ලක්ව සිටින දිමුත් කරුණාරත්න වෙනුවට වමත් පිතිකරු මහේල උඩවත්ත ද එම සංචිතයට ඇතුළත්ව සිටිනවා. කුසල් ජනිත් පෙරේරා සහ දසුන් ශානක ඊට ඇතුළත්.
කොදෙව් සංචාරයට එක්වන අවසන් කී‍්‍රඩකයින් 15 දෙනො පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු සැසියකින් අනතුරුව තෝරා ගැනීමට නියමිතයි.

මූලික සංචිතය: දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, දසුන් ශානක, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, ෂෙහාන් මදුශංක, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, නිසල තාරක.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka