gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොදු සුසාන භූමියෙහි වළක්‌ කපද්දී අත්බෝම්බයක්‌ කැපේ

ත්‍රිකුණාමලය පහේ කණුව පොදු සුසාන භූමියෙහි තිබී 01 දා පස්‌වරුවේ එස්‌. ඒ. ජී. 87 වර්ගයේ ජීව අත්බෝම්බයක්‌ හමු වූ බව චීන වරාය පොලිසිය පවසයි. රිය අනතුරකින් මියගිය තරුණයකුගේ දේහය මිහිදන් කිරීම සඳහා වළ කපමින් සිටි
තරුණයන් පිරිසට මෙම අත්බෝම්බය හමුව තිබේ. වළ කපමින් සිටි තරුණයකුගේ උදලු තල පහරකින් අත්බෝම්බය කැපී එහි ඩෙටනේටරය සහිත ශීර්ෂය කැඩී ගොස්‌ ඇතත් කිසියම් වාසනාවකට බෝම්බය පුපුරා ගොස්‌ නොතිබූ බව පොලිසිය පැවසීය. මේ
සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණයේ නියෝග මත අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බවත් එතෙක්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයේ ආරක්‌ෂිතව බෝම්බය තබා ඇති බවත් පොලිසිය පවසයි. පමෙම අත්බෝම්බයත් සමඟ ත්‍රිකුණාමලය පොලිස්‌ කොට්‌ඨාසයෙන් දෙදිනකදී ස්‌ථාන දෙකකින් හමු වූ දෙවන අත්බෝම්බය මෙය වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka