gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අංගොඩ ලොක්කගේ ගෝල ලඩියගේ බිරිය සිංගප්පූරු පනී

මාලඹේ හා අතුරුගිරිය ප්‍රදේශවල පසුගිය මාර්තු මාසයේදී සිදුවූ අපරාධ තුනකට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනකුට මුදල් ලබාදුන්නැයි සැක කරනු ලබන අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන 'ලඩියාගේ' බිරිය සිංගප්පූරුවට පලාගොස් ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. පසුගිය මාර්තු 19 වැනිදා අලුයම නාඳුනන තුවක්කුරුවකු විසින් තලංගම කුලී නිවැසියකුට වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි.
එදිනම පස්වරුවේ අතුරුගිරිය ගල්වරුසාව පාරේදී තලගලගේ නිමල්සිරි හෙවත් 'පොඩි සුදුවා' ඝාතනය කරනු ලැබුවේද යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසිනි. සුජීව සේනසිංහ මහතාගේ ලේකම් වන රනිල් ආටිගල මහතාගේ නිවෙසට වෙඩි තැබුවේ මාර්තු 26 වැනිදා අලුයම් කාලයේය.

මේ සිදුවීම් තුනටම සම්බන්ධ සැකකරුවන් සිවු දෙනකු පසුගිය 28 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණි. එසේ අත්අඩංගුවට ගත්තේ ජෙරාම් කෝලිත ද සිල්වා හෙවත් ජෙරා, බුලත්සිංහලගේ ප්‍රදීප් මධුසංඛ කුරේ හෙවත් අෑෂ්ලි, නානායක්කාරලාගේ කාවින්ද ඉසුරු හෙවත් පූට්ටුවා හා වැලිවිටියගේ නිලන්ත කුමාර හෙවත් ආනා යන සිවු දෙනාය.

ඉන්දියාවේ සිට ලඩියා හා මධුරංග ලබාදෙන නියෝග අනුව මෙම අපරාධ සිදුකර තිබේ. ඒ අනුව එම අපරාධ සිදුකළ බවට සැකපිට දැනට අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් සිවුදෙනාට කොන්ත්‍රාත් මුදල් සපයා තිබෙන්නේ ලඩියාගේ බිරිය විසින් බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

අපරාධකරුවන්ට මුදල් සපයමින් ඒවාට අනුබල දීම හා අපරාධයක් සඟවා තබාගැනීම යන චෝදනා යටතේ මේ කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටියදී ඇය පොලිසියේ ඇස වසා සිංගප්පූරුවට පැනගොස් ඇතැයි පොලිසිය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka