gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීට් බෙල්ට් එයාර් බෑග් නැති වාහන වලට සොරි

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්‍ෂක ක්‍රමවේදයන් සහිත යුරෝ හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය 2018 ජූලි මස 01 වැනිදා සිට තහනම් කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

එහි ප්‍රකාශකයකු කියා සිටියේ මෙය මෙම වසරේ මුල සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද පාර්ශ්ව
කිහිපයක ඉල්ලීම මත හේතූන් කිහිපයක් සලකා බලා කල්දැමූ බවයි.

ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරිපස ගමන් කරන මගියා සඳහා වූ වායු බැලූන ඇතුළු අඟුළු වැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය බව සඳහන්.

2018 අය – වැය මඟින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි 01දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමනු ලැබුවා.

මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් විසින් ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka