gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂක අංශයේ ඉහලම ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට !

2008 අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමූදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට සැගව සිටීමට සහ රටින් පිටවීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින හමුදා අංශ බාර ඉහලම නිලධාරියකු ඉදිරි දින කිහිපය තුලදී අත්අඩංගුවට ගැනීමට නියමිතව බව පොලිස්
මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය එරෙහිව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මැයි මස 17දා නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.

හෙට්ටිආරච්චි යන සැකකරුට සැගව සිටීමට සහ රටින් පිටවීමට ආධාර අනුබල දෙන පුද්ගලයන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් වෙනම ක්‍රියා කරන ලෙස සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ අගතියට පත් පාර්ශව වෙනුවෙන් නිතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

දුරකථන විස්තර සම්බන්ධයෙන් විමර්ශන:

මේ සිද්ධියට අදාළ උදෘත නිතිපතිවරයාට යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දූන්නේය.

මේ සිද්ධියට අදාළ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර,නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස, රාජපක්ස පතිරනලාගේ කිත්සිරි, සම්පත් මුණසිංහ යන සැකකරුවන් ඇප මත සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරිආරච්චිගේ ජොන් රීට්, රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන පුද්ගලයින් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ රහස් පොලිසිය විමර්ශන සිදු කරයි.

- srilankamirror.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka