gossip lanka

අයවැයට අනුව 90%ක් වාහනවලට ලීසිං !

වසර 2018 අයවැය යෝජනා පරිදි මෝටර් රථවාහන සඳහා ලීසිං පහසුකම් සපයන අනුපාතිකයන් වටිනාකමින් 50% සිට 90% දක්වා සංශෝධනය කර තිබේ.

මේ අනුව හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වටිනාකමින් 70% ක් දක්වා ද ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා වටිනාකමින් 90% ක් දක්වා ද ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලැබී ඇත.

පෙට්‍රල් / ඩීසල් මෝටර් රථ සඳහා පැවති
අනුපාතිකයෙහි වෙනසක් සිදුනොවන අතර එය 50% මට්ටමේ පවතිනු ඇත.

මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමට පෙර සෑම මෝටර් රථ මාදිලියක් සඳහාම අනුගමනය කරන ලද්දේ 50% ලීසිං ප්‍රතිපත්තියයි.

මේ අනුව ක්‍රියාත්මක නව ලීසිං ක්‍රමවේදයන්ට අනුව එක් එක් වාහන වර්ගයේ ඉන්ධන මාදිලිය අනුව  වටිනාකමට ණය අනුපාතය (LVT) අනුව මූල්‍යන පහසුකම් පහත පරිදි ලබා ගත හැකිය.

 පෙට්‍රල් / ඩීසල් මෝටර් රථ    වටිනාකමින් 50%
 දෙමුහුන් මෝටර් රථ වටිනාකමින් 70%
 විදුලියෙන් ධාවනය වන මෝටර් රථ    වටිනාකමින් 90%


gossip lanka