gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

25,000 දඩයට තාම නීති නෑ

සංශෝධනය කළ නව රථ වාහන දඩ මුදල අය කර ගැනීමේ ක්‍රමවේදය අප්‍රේල් 30 වැනිදාට පෙර සිදුකිරීමට තීරණය කළ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා කියා සිටී.

මේ අනුව වැරදි වර්ග 33ක් සඳහා නව දඩ මුදල් අය කරගැනීමේ ක්‍රමයක් සකස් කර ඇති අතර එය
රුපියල් 500 සිට රුපියල් 3000ක උපරිම දඩයකට නියම කරන බවද ඒ මහතා පැවැසීය.

එමෙන්ම රථ වාහන වැරදි 2ක් සඳහා රුපියල් 25,000ක දඩයක් මීට පෙර නියම කර තිබුණත් එම දඩ මුදල සංශෝධනය කර ඇති බවත් ඒ මහතා පැවැසීය.

ඒ අනුව වමෙන් ඉස්සර කිරීමට අදාළ වැරැද්ද සඳහා රුපියල් 3000ක දඩයක් ද අධික වේගයෙන් ධාවනය කිරීමේ වැරැද්ද සඳහා රුපියල් 6000ක දඩ මුදලක් අය කරගැනීමට මේ වන විට සැලැසුම්කර තිබේ.

කෙසේ නමුත් බිමතින් රිය පැදවීමේ වැරැද්ද සඳහා රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට තවමත් නීති කෙටුම්පත් සකස් වී නොමැති බවද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka