gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප ප්‍රතිසංවිධාන කටයුතු 30දා අවසන් !

තනතුරුවල වෙනසක්ද සහිතව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ලබන 30 වැනිදා වන විට අවසන් කිරීමට ඒ සඳහා පත් කෙරුණු කමිටුව තීරණය කර ඇත.

මෙම කමිටුවේ මීළඟ රැස්වීම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ප්‍රමාද වුයේ නම් ඊට හේතුව විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය
භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සිදු වීම නිසා බව මේ ඒ පිළිබඳ කරුණු දක්වමින්  නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පැවසිය.

පක්‍ෂ ප්‍රතිසංවිධානයේදී නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ස්ථාපිත කිරිමට පසුගිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉදිරිපත් වූ යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතා විරෝධය දක්වා තිබිණ.

 එජාප වත්මන් නිලධාරී මණ්ඩලයේ සේවා කාලය අප්‍රේල් 30දා නිල වශයෙන් අවසන්වීමට නියමිතය. ප්‍රතිසංවිධාන කටයුතුවලට සහය දැක්වීමක් සඳහා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සභාපති ධුරයෙන් ද අමාත්‍ය කබීර් හෂීම් මහතා මහ ලේකම් ධුරයෙන් ද මේවනවිටත් ඉල්ලා අස්වී තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka