gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දානය වත් නැති පන්සල් 1940ක්

බුද්ධ ශාසන අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවලින් විහාරස්ථාන සඳහා වෙන්වන මුදල් බොහෝ විට එකම විහාරස්ථාන කාණ්ඩයකට ලබාදෙන බවට පෙනී ගොස් තිබෙන බැවින් එම මුදල් ප්‍රමුඛතාව පරිදි බෙදීයන ලෙස කටයුතු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

ස්වාමීන් වහන්සේලාට දානය නොලැබෙන,
සංඝාවාසයක් හා වැසිකිළි පහසුකම් ඇතුළුව විහාරස්ථානයකට අවශ්‍ය මූලික පහසුකම් නොමැති විහාරස්ථාන 1940ක් ලංකාව පුරා පිහිටා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

විහාරස්ථානයකට අවශ්‍ය සියලුම අංගවලින් සමන්විත, දේශීය හා ජාත්‍යන්තර ආධාර ලැබෙන විහාරස්ථාන 3406ක්ද, එයට මදක් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 2317ක්ද, දානය කලාතුරකින් ලැබෙන, විහාරස්ථානයකට අවශ්‍ය අංග ප්‍රමාණවත් පරිදි පිහිටා නැති විහාරස්ථාන 2469ක්ද පිහිටා තිබෙව බව එහිදී අනාවරණය වී ඇත.

වසර තුනක සැලැස්මකට අනුව විහාරස්ථාන දියුණු කිරීමට මෙමගින් සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka