gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙලේ බලේ ගැන අගමැතිට විශේෂ වාර්තාවක් !

ඉන්ධන මිල ගණන් වැඩිකළහොත් ජන ජීවිතයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ විශේෂ වාර්තාවක් ඛනිජ තෙල් අමාත්‍යාංශ බලධාරීන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇතැයි වාර්තා වේ.

ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් වැඩි වුවහොත් ඊට සාපේක්ෂව මිල ඉහළ යා හැකි සෙසු භාණ්ඩ පිළිබඳව විස්තරයක්ද එම වාර්තාවට ඇතුළත් කර ඇතැයි පැවසේ.

මුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල සංශෝධනය සඳහා
නව මිල සූත්‍රයක් සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සියලු දත්ත මුදල් අමාත්‍යාංශ බලධාරීන් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් ලබාගෙන තිබේ.

ඉන්ධන බදු අඩුකරන්න - ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු

මේ අතර, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටින්නේ ඉන්ධන මිල ගණන් මේ මොහොතේ ඉහළ දැමීමක් නොකර ඉන්ධන සඳහා පනවා ඇති බදු මුදල් පහත දමා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදී සිටින අලාභය අවමකර ගැනීමට පියවර ගත යුතු බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka