gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු දිනය අදයි - Videos & Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තවත් ස්වර්ණමය මතකයක් ඉතිරි කල දිනයක් ලෙසයි අද දිනය(අප්‍රේල් 06) සැලකෙන්නේ.

ඊට හේතු වුනේ 2014 අප්‍රේල් හයවෙනිදා රාත්‍රියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඉන්දියාව කඩුළු 6කින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමයි.

මෙය ශ්‍රී ලංකාව දිනාගත් දෙවන ලෝක කුසලානය
ලෙසයි ඉතිහාසයට එක් වුනේ.

තරගාවලියේ මුලික වටයේදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ අතර පසුව අවසන් තරගයේදී සහ අවසන් වටයේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් ශ්‍රී ලංකාව ලෝක ශුරතාව කරා කැඳවාගෙන ගියා.

බංග්ලාදේශයේ ඩකා නුවර ශරේ බංගලා ක්‍රීඩා පිටියේදී පැවති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස්කරගැනීමට හැකිවුණේ 130ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දුවාර 17.5කදී කඩුළු 4ක් දැවී ලකුණු 134ක් ලබාගෙන තරගය පහසුවෙන් ජයගත්තා. එහිදී හයේ පහරකින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුවහන් කලේ තිසර පෙරේරා. කුමාර් සංගක්කාර නොදැවී 52ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වුණා.

ඒ සුපිරි ඉනිම නිසාම අවසන් තරගයේ වීරයා සම්මානයද කුමාර් සංගක්කාර දිනාගත්තා. තරගාවලිය පුරාවටම පිත්තෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසා විරාත් කෝලි තරගාවලියේ සම්මානය දිනාගත්තා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka