gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් පැවැත්වෙන කාලය තුළ උපකාරක පන්ති තහනම් කිරීමට පියවර

පාසල් පැවැත්වෙන උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම වළක්වාලීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළහ.

අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් අවස්ථාවලදී පාසල් දරුවන් පාසල් නොපැමිණ උපකාරක පන්තිවලට සහභාගිවීම විලාසිතාවක් වී ඇති බවයි. මේ තත්ත්වය
තුළ පාසල්වල අධ්‍යයන කටයුතු වලට ද බාධා එල්ල වී ඇති අතර උසස් පෙළට අදාළ ඇතැම් ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු සහ අධ්‍යයන කටයුතු ද දරුවන්ට අහිමි වී තිබේ.

ඇතැම් පාසල්වල උසස් පෙළ පන්ති වල සිසුන් පාසල් පැමිණීම ශීඝ්‍ර ලෙස පහත වැටීමට මෙය හේතුවක් වී ඇති අතර පවතින තත්ත්වයට පිළියමක් ලෙස පාසල් දරුවන් පාසල් වේලාව තුළ සම්බන්ධ කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ මාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර 2018 වසරේ දී පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ 80% ක පාසල් පැමිණීම සලකා බැලීමේ දී පසුගිය කාලයේ පැවති ගංවතුර සහ නායයාම් ඇතුළු ස්වභාවික ආපදාවන්ගේ බලපෑමට ලක් වූ සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සහනයක් සලසන ලෙස තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka