පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට ඔවුන්ගේ සුදුසුකම් අනුව ඉදිරියේදී රජයේ රැකියා ලබාදීමට කටයුතු කර ඇති බව උතුරු පළාත් සභාවාරයේ දී ඊයේ (05) අනාවරණය වුනා. ඔවුන්ට දැනටමත් පෞද්ගලික අංශවල රැකියා අවස්ථා හිමි වී ඇති බවයි උතුරු පළාත් සභා පරිපාලන අංශය සඳහන් කලේ. උතුරු පළාත් සභාව ඊයේ දිනයේදී රැස්වුණේ විශේෂ කරුණු කිහිපයක්
ගැන අවදානය යොමුකිරිමටයි .
එහිදී මෙම කරුණු අනාවරණ වූ අතර ඉදිරියේ දී තවත් අංශ කිහිපයක් සඳහා ඔවුන්ට රැකියා අවස්ථාව හිමි වනු ඇති බවද සඳහන්.
මේ අතර පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ලංකා ගමනාගමන මණ්ඩලයේ රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
දෙමල ජාතික සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මල නාදන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
දැනටමත් නැගෙනහිර පළාතේ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ රැකියා අවස්ථා ලබා දී ඇති අතර උතුරු නැගෙනහිර පළාත් සඳහා තවත් පුරප්පාඩු ඇති බව අනාවරණය වුනා.
එම පුරප්පාඩු වෙනුවෙන් ඔවුන් බඳවා ගැනීමට නියමිතයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට කාර්මික ශිල්පින්, රියැදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා පුරප්පාඩු ඇති අතර මෙහිදී කාර්මික ශිල්පින් බඳවා නොගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
රියදුරු තනතුර සඳහා අවම අධ්‍යාපන සුදුසුකම 8 වන ශ්‍රේණිය සමත් වීම බවත් වසර 5ක පළපුරුදු සහිත වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වනවා.
සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය ඇතුළුව විෂයන් 6ක් සමත්ව සිටීම කොන්දොස්තර තනතුර සඳහා අවම බඳවා ගැනීමේ සුදුසුකමයි.
මෙම සුදුසුකම් සහිත පුද්ගලයන් සිටින්නේ නම් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත අයදුම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියා.
පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් ලංගමයට
2018-04-06T09:42:00+05:30
Gossip Lanka Hot News
slide|