gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩීල්කාරයින් හෙළි වුණා - මහින්ද රාජපක්ෂ

විශ්වාසභංග යෝජනාවෙන් ඩීල්කාරයින් කවුරුන්ද යන්න රටට ජනතාවට හෙළිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අගමැතිවරයාට තමන්ගේ තනතුර බේරා ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු දෙනාම එක්ව ඡන්දය දුන්නේ නම් ප්‍රතිඵලය වෙනස් වන බවද ඔහු සදහන් කළේය. තමන් මීට පෙර කියූ පරිදි ජනාධිපතිවරයා සිටි පාර්ශවය විශ්වාස භංගයෙන් ජයගත් බවද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. මෙම ඡන්ද විමසීමේදී
ආණ්‌ඩුව සමග ඡන්දය දෙන ව්‍යාජ විපක්‍ෂය හා සැබෑ විපක්‍ෂය කුමක්‌ද යන්න ඔප්පු වූ බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඉලක්‌කම්වලින් පරාජයට පත්වුවත් දේශපාලන වශයෙන් ජයග්‍රහණය ලැබූ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා, තමා මුලසිටම කියූ පරිදි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුලින් දැරූ මතයේ සිටියා නම් මෙම ප්‍රතිඵලය මෙයට වඩා වෙනස්‌වීමට ඉඩ තිබූ බවත් කියා සිටියේය.



මෙය ජනමතය නොවන බවත් රටේ ජනමතය දැනගැනීමට අවශ්‍ය නම් කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස තමා අභියෝග කරන බවත් හෙතෙම සඳහන් කළේය.

පනස් හතරක් ලෙස තිබූ තම පිළෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක් බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka