gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දුගේ ප්‍රකාශය අධිකරණය හෑල්ලූවට ලක්කරනවා

අධිකරණ ක්ෂේත‍්‍රය දැඩිව විවේචනය කරමින් නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ඉකුත්දා කළ ප‍්‍රකාශය සත්‍ය ගවේෂකයෝ සංවිධානය දැඩිව හෙළා දකිනවා. එහි කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වෙත කරුණු වාර්තා කරන බවයි.

ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී 
දුෂිත ලෙස කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කරන්නේ.

මෙම ප‍්‍රකාශය හුදෙක් දේශපාලන උවමනාවක් මත සිදු කළ එකක් බවට ද නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත චෝදනා කළා.

නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු සිදු කර ඇති මෙම ප‍්‍රකාශයෙන් මෙරට අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka