gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවෙයි.. (Photo)

කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාල භූගත බංකරය දැක ලගම පිහිටි යුද හමුදා කඳවුර වෙතට දැනුම් දී ඇති
අතර පසුව යුද හමුදා සෙබලුන් පිරිසක් විසින් අදාල ස්ථානයට පැමිණ බංකරය පරික්ෂා කොට ඇත.

යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයන්ගේන බේරීම සඳහා කොටි සාමාජිකයින් විසින් මෙම බංකරය අඩි 35 ක් තරම් වූ ගැඹුරකට කපා බංකරය උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා තිබේ.

යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද සැගවී සිටියේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි මෙවැනි වූ බංකරකය.

මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද සැක පල වන බවටද භූගත බංකරය ඉදිරියේදී විනාශ කර දැමීමට පියවර ගන්නා බවටද යුද හමුදා නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka