gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බාගෙට බාගයකින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ පඩි වැඩි වෙයි!

ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ තරග ගාස්‌තු සහ කොන්ත්‍රාත්තුව වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇත.

ඉකුත් කාලයේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වුවද 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් කණ්‌ඩායමේ සියලු අංශ සංවර්ධනය කිරීමේ අරමුණක්‌ වශයෙන්
මෙසේ ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කළ බව ක්‍රිකට්‌ ප්‍රධානියකු පැවසීය.

 ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පාඩු ලබන තත්ත්වයේ සිට දැන් ලාබ ලබන තත්ත්වයකට පත්කරලා තියෙනවා. අපි මීට පෙර දේශීය ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කළා. ඉදිරියේදී ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ටත් වැටුප් වැඩි කරනවා. මේ වන විටත් අදාළ වැටුප් වැඩි කර අවසන්.' යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රකාශකයකු පවසා සිටියේය.

ඒ අනූව පවතින වැටුප් ක්‍රමයට වඩා 30-50% ක්‌ අතර ප්‍රමාණයක්‌ වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා තිබේ. ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් 'ඒ', 'බී', සහ 'සී,' යන කාණ්‌ඩවල වර්ගීකරණයේ සිටින අතර ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග ගාස්‌තු ද සැලකිය යුතු මට්‌ටමකින් වැඩි කිරීමට නියමිතය.

අදාළ වැටුප් වැඩි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා අවසන් වූ නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේදී රුපියල් මිලියන 800 ක ලාබයක්‌ ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමත්වීම බවද අදාළ ප්‍රකාශකයා සඳහන් කර සිටියේය. නිදහස්‌ කුසලාන තරගාවලියේදී ප්‍රවේශපත්‍ර අලෙවියෙන් මිලියන 80 ක්‌ පමණ ලාබ ලැබූ බවත් ඉතිරි ලාභය රූපවාහිනී විකාශන අයිතිය සහ අනුග්‍රාහක භවතුන්ගෙන් ලබා ගැනීමට හැකි වූ බවත් සඳහන් වේ.

'2011 ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාඩු ලබන ආයතනයක්‌ බවට පත් වුණා. නමුත් අපි දැන් එය ලාබ ලබන ආයතනයක්‌ බවට පත්කරලා තියෙනවා. ඉදිරියේ පැවැත්වෙන ආසියානු ක්‍රිකට්‌ රැස්‌වීමෙන් පස්‌සෙ අපිට වාසි වන තවත් යෝජනා කිහිපයක්‌ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.' යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

 ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්‌සයි විස්‌ස තරගාවලිය ද මේ වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට ලාබ ඉපයීමේ ප්‍රධාන තරගාවලියක්‌ වුවද එහි උපරිම ලාබ ලැබෙන්නේ වර්ෂයක්‌ පාසා පැවැත්වීමට හැකි වුවහොත් පමණක්‌ බවද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka