gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2018 ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රි ලංකාවට

මේ වසරේ සැප්තැම්බර් මාසයේදි ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුවී ඇති බවට වාර්තා වනවා. තරගාවලියට සහභාගිවන පාකිස්ථානය සමග සත්කාරක රට වන ඉන්දියාව අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්වයක් එයට හේතුව වී තිබෙනවා.

කෙසේ නමුත් තව නොබෝ දිනකින් තරගාවලිය ශ්‍රී
ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

2016 වසරේදී බංගලාදේශයේදී පැවති ආසියානු කුසලාන තරගාවලිය විස්සයි 20 තරගාවලියක් ලෙස පැවැත්වූ අතර එයට ප්‍රධාන හේතුව වුයේ ඉන්දියාවේ පැවති අයිසිසි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස එම තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් තීරණය කිරීමයි.

කෙසේ නමුත් මෙවර තරගාවලිය පන්දු ඕවර 50 ක තරගාවලියක් ලෙස පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය සහභාගිවීමට නියමිතයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka