gossip lanka

ප්‍රවීන ලේඛිකා රූපා සපරමාදු අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ලේඛිකා රූපා මාලතී සපරමාදු මහත්මිය අද (08) උදැසන අභාවප්‍රාප්තවී ඇත.

දිවංගත ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වැඩිමල් දියණිය වන ඇය මියැදෙන විට 85 වැනි වියේ පසුවූවාය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සාමාජිකාවක් වන ඇය පොත්
පත් රාශියක් රචනා කල තැනැත්තියකි.

සපරමාදු මහත්මියගේ දේහය අංක 11, පැපිලියාන මාවත, පැපිලියාන, කොහුවල පිහිටි ඇයගේ නිවසේ තැම්පත්කර ඇති අතර අවමංගල්‍ය උත්සවය පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.


gossip lanka