gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාරගත කළ රංගජීවගේ ජීවිතයට තර්ජනයක්

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් ප්‍රධානී පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොලපැළැස්‌ස බන්ධනාගාරයට මාරුකර යවා හුදෙකලා කිරීමේ දේශපාලන සැලැස්‌මක්‌ ක්‍රියාත්මකව ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ කොටි ඩයස්‌පෝරාව සහ පාතාල මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වන
එන්ජීඕ ක්‍රියාකාරීන් කිහිපදෙනකු කොටි ඩයස්‌පෝරාවේ සහායෙන් ප්‍රබල දෙමළ දේශපාලනඥයකු ලවා මෙය ක්‍රියාත්මක කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

 නියොමාල් රංගජීව මහතා එසේ අඟුණකොළපැළැස්‌ස බන්ධනාගාරයට මාරු කර හැරියහොත් ඔහුගේ ජීවිතයට බරපතළ ලෙස තර්ජන එල්ල විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන ඇතැම් බන්ධනාගාර නිලධාරීහු පවසති.

 විශේෂයෙන් බන්ධනාගාරයේ සිට දින දහහතරෙන් දහහතරට ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අඟුණකොළපැළැස්‌සේ සිට කොළඹට රැගෙන ඒමේදී ආරක්‍ෂක ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවද ඔහුවු පෙන්වා දෙති.

 පිළියන්දලදී පාතාල වෙඩි ප්‍රහාරයකට ගොදුරු වීමෙන් තවමත් රෝගාතුරව සිටින නියොමාල් රංගජීව මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

 වැලිකඩ බන්ධනාගාරය තුළදී ඔහුට උපරිම ආරක්‍ෂාවක්‌ සැපයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩි පහසුකම් තිබෙන බවද ඉහත නිලධාරීන් පෙන්වා දෙයි.

 කුඩු ජාවාරම්කරුවන්ගෙන් දැඩි ලෙස ජීවිත තර්ජන එල්ල වී සිටින ඔහුව අඟුණකොළපැළැස්‌ස බන්ධනාගාරයට මාරු කර යෑවීමේ කිසිදු අවශ්‍යතාවක්‌ මේ දක්‌වා මතුවී නොමැති බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

 මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති ඩී. එම් ස්‌වාමිනාදන් මහතාගෙන් සිදු කළ විමසීමකදී එක්‌වරම අවේගශීලී වූ ඇමැතිවරයා එසේ කිරීම හොඳ නැතිදැයි අපෙන් විමසීය.

 එසේ මාරු කිරීමේදී ඇති ප්‍රශ්නය කුමක්‌දැයි යනුවෙන්ද විමසා සිටි ඇමැතිවරයා එසේ කිරීම හොඳ නැතිද සහ අපි වැරදි දෙයක්‌ කරවාදැයි යනුවෙන්ද අසා සිටියේය.

 ඇමැතිවරයා එසේ පැවසීමේදී රංගජීව මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් එහිදී ගැටලු මතු නොවන්නේ දැයි යළි අප විමසා සිටි අතර එහිදී එය අපි බලාගන්නම් යන්න ඇමැතිවරයා දුන් පිළිතුර විය.

එසේම එවැන්නක්‌ පිළිබඳ තවම තමන්ට දැනගැනීමට ලැබී නැතැයිද හෙතෙම පැවසීය.

(දිවයින)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka