gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුඛෝපබෝගී බසය අලි 15 ක් වට කරයි- 7ක් රෝහලේ

දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස් රථයකට වන අලි රංචුවක් පහර දීමෙන්  එහි ගමන් ගත් හත් දෙනකු  තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ  සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් වේගයෙන් ධාවනය වෙමින් තිබියදී කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී එක වරම වන අලි පහළොස් දෙනෙකුගෙ
පමණ රංචුවක් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී  මෙම  බසය අලි රංචුවේ හැපී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් පසු  කළබල  වු අලි රංචුව බසයට පහර දී තිබේ.

අනතුරින් පසුව බස් රථය පැදවූ රියදුරු රිය අසුනේම සිරවී විනාඩි 35 ක පමණ කාලයක් සිටියදී ප්‍රදේශවාසීහු දැඩි පරිශ්‍රමයක් යොදා සිරවී සිටි ඔහු එළියට ගෙන කැකිරාව  රෝහලට ගෙන ගොස් තිබේ.

නිතර අලි හුවමාරු වන ප්‍රදේශයක් වන මෙම ස්ථානයෙ මීට පෙරද අනතුරු සිදු වී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.

ඡායා-ලංකාදීප

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka