gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනතාවගේ බැංකු පොළිය රජයේ ආදායමක් කරගෙන

නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අය වන්නේ පොලී ආදායමේ කිසිදු සීමාවකින් තොරව බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

බදු නිදහස්‌ සීමාවක්‌ ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක්‌ වන අතර මේ අනුව ඔවුන්ගේ පොලී
ආදායම රුපියල් ලක්‍ෂ 15 ක්‌ දක්‌වා බද්දෙන් නිදහස්‌ වේ.

එනම් මසකට රු. 125000 ක්‌ දක්‌වා ඔවුන්ගේ පොලී ආදායමට බදු අය නොකෙරේ.

මේ අනුව සාමාන්‍ය හා ස්‌ථාවර තැන්පතු ගිණුම්වල ඇති ශේෂයන් සඳහා බැංකුව ගෙවන පොලී ආදායම මත මේ සියයට 5 ක පොලී ආදායම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර සියලු දෙනාගෙන් බැංකුව විසින් අඩු කරගනු ඇතැයිද අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒරොප්පේ ගෑරුප්පුවෙන් කෑවට මෙහෙ කන්නෙ අතින් !

මීට අමතරව විදේශ සේවා නියුක්‌තිකයන්ගේ විදේශ ව්‍යවහාර ගිණුම්වල පොලී ආදායමෙන්ද සීමාවකින් තොරව සියයට 5 ක බද්ද අය කිරීමට නියමිතය.

මෙය ඉදිරියේදී විදේශ සේවා නියුක්‌තිකයින් රටට විදේශ විනිමය එවීම අධෛර්යවත් වීමට හේතු වනු ඇතැයි ආර්ථික හා මූල්‍ය අංශ නියෝජිතයෝ කියා සිටිති.

ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ රටක ජනතාව බැංකු ගණුදෙනුවල යෙදෙන්නේ යම් මුදලක් ඉතිරි කර ගැනීමට බවත්, ඒ ලැබෙන පොලී මුදලෙන් අහස් මාළිඟා තනන්නේ නැතත් භාගෙට වැඩ නිමවූ නිවසේ වැඩ සම්පූර්ණ කර ගැනීමට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යෙදවීමට, අසනීප සඳහා යෙදවීමට ආදි වශයෙන් නම් කළ නොහැකි තරම් අවශ්‍යතා රැසක් සඳහා බවත්, මේ බදු සැකසූවන් මේ රටේ මිනිසුන්ගේ හැගීම් හඳුන නොගෙන පිටරට ක්‍රම මෙහෙට පූට්ටු කිරීමට යාමෙන් මේ ගැටලු මතුකරගෙන ඇති බවයි.

ඒරොප්පේ ගෑරුප්පුවෙන් කෑවත් මේ රටේ බහුතරය කෑම කන්නේ අතින් බැවින් එම වෙනස හඳුනාගෙන කටයුතු කළ යුතු බවද ඔවුන් කියා සිටී.

ශ්‍රී ලංකා මිරර් මේ පිළිබඳව විමසීමට ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආර්ථික කටයුතු උපදේශක දේශාල් ද මෙල් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.

ඒ ඔහු දුරකථනයට පිළිතුරුදීම නොකළ නිසාය.

මූලාශ්‍රය - දිවයින පුවත්පත

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka