gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝට්ටේ පොහොට්ටුවට : මධුරට මුල්පුටුව

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයා වශයෙන් පොදු ජන පෙරමුණේ නීතිඥ මධුර විතානගේ මහතා තේරී පත්ව තිබේ.

අද (02) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී පොදු ජන පෙරමුණ සඳහා තරඟ වැදි මධුර විතානගේ මහතාට පක්ෂව ඡන්ද 18 ක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදි චන්දිම නයනජිත් මහතාට
ඡන්ද 11 ක් ලබා ගෙන තිබේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 5දෙනෙක් පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතාට සහය පළ කර ඇති අතර ඒ අනුව ඡන්ද 23 ක් ලබා ගෙන ඔහු නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්ව ඇත.

විවෘත ඡන්දයක් ලෙස පැවති මෙම ඡන්ද විමසීමට ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට තිබේ.

උප නගරාධිපතිවරයා වශයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රේමලාල් අතුකෝරළ මහතා තේරී පත්ව තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka