gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරණ දඬුවම නියම වූ වාස් ගුණවර්ධනට ඇප ලැබුණු නඩුව

දැනට මරණ දණ්ඩණය නියමවී ඇතිහිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධණ ඇතුලු සැකකරුවන් පස් දෙනෙකු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරනය අද (02) නියෝග කළා.

ඒ නීති විරොධි ලෙස අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කළැයි කියන චොදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌
ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධණ ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව පැවැති නඩුවක් සම්බන්ධයෙන්.

ඒ අනුව සැකකරුවන් වෙන වෙනම රුපියල් දස දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට මහාධිකරන විනිසුරු ලලිත් ඒකනායක නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කොළඹ මහාධිකරනයෙන් ඇප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සම් ගොනු කර තිබුණා.

කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන ඇතුලු සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව මේ වන විට කොළඹ මහාධිකරනය මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka