gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර වෙයි.. කැරළි මර්දන ඒකකයත් කැඳවයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වනවා. පසුගිය දින 3ක කාලයක් මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබු බව සඳහන්. එහිදී කැරළි මර්දන ඒකකයද කැඳවා තිබු බව සඳහන්.

 කෙසේ වෙතත් අද (02) දින කටුනායක
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තවත් තර කර ඇති අතර මේවන විට ප්‍රදේශයට කොමාන්ඩෝ භටයන් ද ආරක්ෂාවට කැඳවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන්  කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ගුවන් තොටුපොළ සේවකයන් අද (02) දින සිදුකිරිමට නියමිත විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂා සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

මාර්ගයේ ඇති වන තදබදය පාලනය කිරිම සඳහා එහි විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගුවන්තොටුපොළ සේවකයන් සිය වැටුප රුපියල් 10000 ඉහළ දමන ලෙස ඉල්ලා අද (02) විරෝධතා ව්‍යාපාරයේ නිරතවීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් ගුවන්තොටුපොළ සේවකයන්ගේ එම ඉල්ලීම විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නොසලකා හැර ඇති බැවින් සේවකයන් මෙම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරිමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka