gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දොඩම් පෙන්නලා ජපන්නු රවටලා

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ ‍දොඩම් වගාවක් ගැන පවසා ජපන් ජාතික මහාචාර්යවරුන් හා ආර්ථික විශේෂඥයන්ද රවටා මිලියන ගණන් වංචා කළ මෙරට පුද්ගලයන් පිරිසක් පිළිබඳව වාර්තාවේ.

පසුගියදා ඌව පළාත් සභා මහජන නියෝජිතයන් පිරිසක් ජපන් සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙම
වංචාව අනාවරණය වී තිබේ.

ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන් පිරිසක් ජපන් නිල සංචාරයක නිරතව සිටින අතරතුර එහි එක්තරා ආයතනයක එම පිරිස වෙනුවෙන් පැවැත්වුණු විශේෂ සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයකු විසින් ඌව පළාතේ වර්තමාන දියුණුව පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජපන් ආධාර මත පවත්වාගෙන යන අක්කර 18ක ‍දොඩම් වගාවක ඡායාරූප පෙන්වා ඇත.

එහෙත් එම සංචාරයට සහභාගි වූ පළාතේ මහජන නියෝජිතයන් හෝ නිලධාරීන් කිසිවෙක් එවන් ව්‍යාපෘතියක් පිළිබඳව දැන නොසිටි අතර එවන් ව්‍යාපෘතියක් බණ්ඩාරවෙල නොමැති බව ඒ පිළිබඳව හොඳින්ම දන්නා බණ්ඩාරවෙල වැසියකු වන ඌව පළාත් සභාවේ සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ජපන් නිලධාරීන්ට පවසා තිබේ.

නමුත් වසර දෙකක කාලයක සිට තමන් මෙම ‍දොඩම් ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබාදෙන අතර ව්‍යාපෘතිය කරගෙන යන අය විසින් වරින් වර වීඩියෝ හා ඡායාරූප මඟින් තමන් වෙත එහි ප්‍රගතිය වාර්තා කරන බවද ජපන් නිලධාරීන් අවධාරණය කිරීම නිසා එම අවස්ථාවේ මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා එහි සිටම දුරකතනයෙන් ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු අංශයන්ගෙන් විමසා එවන් ව්‍යාපෘතියක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ හෝ නොමැති බව තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව සත්‍ය වශයෙන්ම යම් වංචාකාරීන් පිරිසක් විසින් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ජපන් ජාතිකයන්ද රවටමින් මිහිපිට නොමැති ව්‍යාපෘතියක් පෙන්වා වංචනික ලෙස මුදල් ගරා ඇති බව හෙළිවී ඇත. ඒ අනුව වහාම එම ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු නතර කිරීමට අදාළ ජපන් ජාතිකයන් පියවර ගෙන ඇත. එසේම මේ පිළිබඳව සොයාබලා මෙරට අදාළ අංශ දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ඌව පළාත් සභාවේ සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පැවැසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka