gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරේ කන්කරච්චලය නවත්වන්න

අනුරාධපුර නගරයේ සිදුවන ශබ්ද දූෂණය වහා නවත්වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් ජනතා අයිතීන් ආරක්‍ෂක පෙරමුණේ සභාපති වරලත් කළමනාකාර ගණකාධිකාරී ඉලේන්ද්‍ර බන්දුල ගුණතිලක මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.

දේශපාලනඥයන්ගේ කතා හෝ සංගීතය බොදු බැති ගී, බණ, විරිදු බලෙන් මහජනතාවට ශ්‍රවණය කිරීමට සැලැස්වීමේ නරක පුරුද්ද නිසා අනුරාධපුර නගරයේ
ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති බව ඔහු එහි සඳහන් කර ඇත.

පසුගිය වසර කිහිපය පුරාම අනුරාධපුර නගරයේ ජනතාවට කරදරකාරි නරක අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බවත් මෙවරත් එම කරදරකාරී තත්ත්වයට මුහුණ දීමට පෙර ජනතාව ඉන් මුදා ගැනීම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නගරයේ බලධාරීන්ගේ වගකීමක් හා යුතුකමක් බව ඔහුගේ ලිපියෙන් පෙන්වා දී තිබේ.

සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙසක් පොසොන් කාලවලදී මෙන්ම ජනපති අගමැති හෝ වෙනත් දේශපාලනඥයකු පැමිණ පවත්වන විවිධ උත්සවවලදී විදුලි කණු, දුරකතන රැහැන් කණු ආදියේ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර දිවා රාත්‍රියේ කන්කරච්චලය ඇති කිරීමෙන් නගරයේ මහජනතාවට දැඩි මානසික අපහසුතාවකට පත් වී ඇති බව එම ලිපියේ සඳහන්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka