gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොර දොස්තරවරියට මානසික ලෙඩක්දැයි සැකයක්

වෛද්‍ය සහතිකයක්‌ නොමැතිව වෛද්‍යවරියක්‌ ලෙස පෙනී සිටිමින් පුද්ගලික බෙහෙත් ශාලාවක්‌ පවත්වාගෙන ගිය ද්‍රවිඩ ජාතික කාන්තාවක්‌ පාදුක්‌ක පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

පාදුක්‌ක අරුක්‌වත්ත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ඩී. කහංගම මහතා පොලිස්‌ නිලධාරීන්ගේ ද සහය ඇතිවය. මෙම වැටලීමේදී එහි තිබී ඖෂධ වර්ග රාශියක්‌ද සමඟ එම තැනැත්තිය මානසික රෝගියෙකු
බවට සැකකළ හැකි ඇය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයට සහභාගි වී ඇති ලිපි ලේඛණද හමුවී ඇති බව පැවසේ.

 අදාළ බෙහෙත් ශාලාව පවත්වාගෙන ආ නිවසේ කාලයක සිටම එක්‌තරා දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඒ මහතා එම ස්‌ථානය අතහැර වෙනත් ප්‍රදේශයක බෙහෙත් ශාලාව ආරම්භ කිරීමෙන් පසු මෙම ස්‌ථානයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ මැය ආරම්භ කර ඇත.

 කෙසේ වෙතත් ඇගේ ක්‍රියාකලාපය ගැන සැක ඇතිවී ප්‍රදේශවාසීහු මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට පෙත්සම් යෑවීම මත මෙම පරීක්‍ෂණ සිදුකර ඇති බව කියති.

 ප්‍රදේශවාසීන් අතර "ඩොක්‌ටර් සිම්මා" යනුවෙන් ප්‍රකට වී සිටි ඇයගේ නම මාලිංගම් ශ්‍රීකාන්ත බව කියති.

 පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එච්. ඒ. ගුණරත්න මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩී. කහංගම මහතා මෙම වැටලීම සිදුකර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka