gossip lanka

7000කට වැඩි පිරිසක් සා.පෙළ සියලු විෂයන් අසමත්

පසුගිය දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටී පිරිසෙන් 7308 දෙනෙකු සියලුම විෂයන්වලින් අසමත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2016 වසරේ එම ප්‍රමාණය 8900කි. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබූ පිරිස් ගණනය කිරීමේදී විභාගය සමත් ප්‍රතිශතයේ පළමු ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වී තිබේ.

එම ප්‍රතිශතය 80.06%කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පෙනී සිටී සංඛ්‍යාව 8913ක් වන අතර එම පිරිසෙන් 7136ක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇත.

80.03% ක් ලබා ගනිමින් මාතර දිස්ත්‍රික්කය ප්‍රතිශතයට අනුව දෙවැනි ස්ථානය හිමි කර ගෙන තිබේ. එම දිස්ත්‍රික්කයෙන් පළමු වරට පෙනී සිටී සංඛ්‍යාව 11772ක් වන අතර සමත් ප්‍රමාණය 9421කි.

78.58% ප්‍රතිශතයක් වාර්තා කරමින් ගාල්ල දිස්ත්‍රික්කය තුන්වැනි ස්ථානය හිමි කරගෙන සිටින අතර එම දිස්ත්‍රික්කයෙන් පළමු වරට පෙනී සිටී සංඛ්‍යාව 15540ක් වන අතර සමත් ප්‍රමාණය 12211කි.

අඩුම පිරිසක් සමත් දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ සමත් ප්‍රතිශතය 63.61කි. එම දිස්ත්‍රික්කයෙන් පළමු වරට පෙනී සිටී සංඛ්‍යාව 6065ක් වන අතර සමත් ප්‍රමාණය 3858කි.

විෂයන් 05ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පදනම් කර ගනිමින් මෙම ලේඛණය සකස් කර ඇත.
gossip lanka