gossip lanka

මැයි මාසයේ සිට ලංකාවට අලුත් හැඩයක් !

මෙතෙක් භාවිතා කළ ශ්‍රී ලංකා සිතියම වෙනුවට නව සිතියමක් ලබන මැයි මස සිට හඳුන්වාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සහ තවත් ප්‍රදේශ කිහිපයක සිදුවූ ඉදිකිරීම්වලින් භූමියේ වූ වෙනස්කම් පදනම් කරගෙන ශ්‍රී ලංකා සිතියම නව මුහුණුවරක්
ගනු ඇති බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත මහතා කියයි.

මින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අදාළ දත්ත එක්රැස්කරගෙන අවසන් බවද පැවසේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී නව සිතියම මුද්‍රණය වනු ඇතැයි ද වාර්තා වේ.


gossip lanka