gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධුෂ් වෙඩික්කාරයෙක් බන්ධනාගාරයෙන් නිදහස් කරන් !

මිනිස් ඝාතනයකට සැකපිට වසර එකහමාරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු රුපියල් ලක්ෂ 40ක මුදල් ඇපයක් තබා නිදහස් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාතාල මර්දන පොලිස් ඒකකවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මෙසේ නිදහස් කරගෙන ඇත්තේ ඉරේෂ් නැමැති
අයෙකි. ඔහුද දකුණු පළාතේ පදිංචිකරුවකු බව පැවසේ.

හමුදාවෙන් පලාවිත් සිටින ඔහු දක්ෂ වෙඩික්කරුවකු ලෙස සැලැකේ.

අවිස්සාවේල්ල මහාධිකරණයෙන් අදාළ තැනැත්තාට ඇප ලබාගෙන ඇති අතර ඔහු වෙනුවෙන් ඇප ලබා ගැනීමට දක්ෂ නීතීඥ කණ්ඩායමක් යොදවා සිටි බවද පැවසේ.

එම සැකකරුට ඇප නියම වී පැයක් ඇතුළත දී ඔහුගේ ඇප මුදල තබා ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වන විට මධුෂ් ඩුබායි හි සැඟව සිටින බවට පොලිසිය සැක කරන අතර ඔහු පසුගිය කාලයේදී සිදුවූ මිනිස් ඝාතන කිහිපයක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka