gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමාසාධක මෙහෙයුම් ඉපැයුම ඉහළට

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම්වල නිරත වීමෙන් 2004 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදාව අමෙරිකානු ඩොලර් මිලියන 161කට වැඩි මුදලක් උපයා තිබේ.
යුධ හමුදාව පවසන්නේ 2004 වසරේ සිට යුධ හමුදාව අවම වශයෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 5ක් විදේශීය සාම සාධක මෙහෙයුම්වලින් උපයා ඇති බවයි.

ලෙබනනය, දකුණු සුඩානය, මාලී, බටහිර සහරාව, මධ්‍යම අප්‍රිකාව, ඇතුළු රටවල් කිහිපයක මෙරට ආරක්ෂක හමුදාව සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියි.

 ශ්‍රී ලංකාවේ හමුදාව එම රටවල සිදුකරන සාම සාධක මෙහෙයුම් ලොව සෙසු රටවලට සාපේක්ෂව ඇගයීමට ලක්ව ඇති බව ද වාර්තා වේ.

මේ අතර විදේශීය සාම සාධක මෙහෙයුම් පිළිබදව ක්‍රියාත්මක වීම සඳහා පසුගියදා යුධ හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී විශේෂ කාර්යාලයක් ද විවෘත කෙරිණි.

මේ අතර යුධ හමුදාව විසින් පරිහරණය කල තෙලිප්පලේ ප්‍රදේශයේ අක්කර 683ක භූමියක් ඒවායේ නීත්‍යාලනුකූල හිමිකරුවන් 964 දෙනෙකු වෙත මුදාහැරීම යුධ හමුදාපති ලුතිනනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka