මුළු රටටම අවුරුදු උදාවන මොහොතේ, ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ආහාර අලෙවි ආයතනයක විදුලි සෝපානයක සිරවී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (14) අලුයම මෙලෙස මියගොස් ඇත්තේ බටපොල - ඉලුක්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
විදුලි සෝපානයක සිරවී තරුණයකු මරුට !
2018-04-15T10:21:00+05:30
Gossip Lanka Hot News